එයාලාගේ පවුලේ උදවියත් එක්ක මගේ තිබෙන හිතවත්කම එච්චර ලොකු එකකි!!
“අපි සිකුරාදා උදේ යන්නෙ, නිමල් අයියේ. ජුලි 7 සිකුරාදා. අට නවය දෙකත් එහෙ ඉඳලා එන්නේ. සම්පත් අයියත් යනවා. නදී, රංග, අපේ පුතා ෂෙහාන් එහෙමත් යයි.” (ෂෙහානුත් IT හපනෙකි. ගෝල්ෆේස්හි ‘ආදරයේ අරගලය’ට මගේ පුංචි දායකත්වය ලබා දෙමින්, පැය 68ක් වතුරෙන් පමණක් යැපෙමින් මා උපවාසය කරන අතරේ නිරතුරුවම fb එකෙන් මගේ තොරතුරු යාවත්කාලීන කරන්නටත් ෂෙහාන් සචිත් කටයුතු කළේය. ආයෙමත් ස්තුතියි ෂෙහාන්!)
“නිමල් අයියා කැමතියි නං පිදුරංගලත් එක්ක යන්නං.”
“ඇයි ළමයෝ, ඔයාලමනේ අපිව ගලපොතුයායේ එක්ක ගියාම, අපි පිදුරංගල නැග්ගේ. ඊට පස්සෙත් අපි හත්-අට සැරයක්ම එහෙ ගියා ප්‍රභාත්ට මතක නැද්ද.” එහෙමත් කියමිනි, ‘යමු!’ කියලා මං වචනය දුන්නේ.
“අපේ වත්ත පහළින් නියම වතුර ඇලකුත් තියෙනවා. නෙවිල් අය්යටත් යමුයි කියන්නකො. කීප සැරයක්ම කියලත් ඒ මනුස්සයාත් ආවෙ නෑනෙ.”
“එයා කොහෙද මහත්තයෝ නිවාඩු ගන්නේ... ගිය සුමානෙත් දවස් තුනක් නිවාඩු ගත්තනෙ.”
“කාලෙකින් අපේ ගමනකට එයා ආවෙත් නැහැනෙ. ඔයත් එහෙමයි.”
ඊට පසුවදාම සම්පතුත් මට ඇමතුවේය. “අඩේ මරු මරු මරු. ඔයත් ප්‍රභාත්ලගෙ trip එකට එනවය කියල එයා කිව්වා. නෙවිලටත් යන්න පුළුවනි නං- සිංදු ටිකක් හෙම කියලා නියම ආතල් එකක් ගත්තැකි නිමල් අයියේ. නාන්නත් ඇලක් තියෙනවා. වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද?”
ඒත් එක්කම සුමිතුරු ප්‍රියන්තගෙනුත් ඇමතුමක්.
“නිමල්, ජුලි 8, 9, 10 වස්ගමුවේ යමුද?”
“ආයෙමත්? අපි ගිය සතියෙනෙ එහෙ ගිහිං ආවේ...” මම විමසුවෙමි. “අනේ සොරි ප්‍රියන්ත. ඔය සති අන්තෙම ප්‍රභාත්ලගෙ සීගිරියේ තැනට trip එකක් යන්න එනවයි කියලා මම පොරොන්දු වුණානෙ, ඊයේ.”
“මේකයි වැඩේ නිමල්. මගේ යාළුවෙක් ඉතාලියේ ඉඳලා ඇවිත් ඉන්නවා. අපි එහෙ ගිය වෙලාවේ එයා සුමානයක්ම නිවාඩු දාලා අපිව හැම තැනම එක්කගෙන ගියා. මාර හිත හොඳ පොරක්.
එයාලා මෙහෙ කැලේක camping කරලම නැහැලු. මම හදන්නෙ ටිරාන්ලව මැදපිටියේ එක්ක යන්න.”
“ඉතිං ප්‍රියන්ත, ඊළඟ වීක් එන්ඩ් එකේ යමුකො.”
No comments:
Post a Comment