Monday, September 11, 2023

කතා කළා

  කතා කළා 
“අම්මට සිරි! හදලත් ඉවරද?”

“ඒකනෙ කියන්නෙ. 
ඔයාවත් එහෙ එක්කගෙන ගිහින් පෙන්නන්න කතා කළා- කෝ ආවද?” ප්‍රභාත් කියන්නේ නෝක්කාඩු හඬකිනි.

ඇත්තය. සීගිරි අඩවියෙන් පංකාදු ඉඩම් කෑල්ලක් මිලදී ගත්තු විත්තිය ප්‍රභාත් මට කිව්වේය; එහි නිවාඩු නිවස්නයක් තනන්නට යන විත්තියත් කිව්වේය. ඉඩම සුද්ද කරන බව; මුල්ගල් තියන බව; ඉදිකිරීමේ වැඩ සිදු කෙරෙමින් තියෙන බව එහෙමත් වරින්-වර කිව්වේය. “Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... මේ සැරේවත් යමුද?”

“කවද්ද ප්‍රභාත්ල, යන්නෙ?”
චිත්තම්මාගේ වැඩිමහල් සොහොයුරියට දරුවන් දෙදෙනෙකි. මාලිකා හා නදී (ප්‍රසන්න)ය. මාලිකාගේ සැමියා ප්‍රභාත්ය. දෙදරුවන් ෂෙහාන් හා නෙත්මිය. (අපි ඒ හැමෝමත් එක්ක සංචාර ගොඩකටම ගොහිං තියෙන විත්තිය දැනටමත් මගෙන් ලියැවී තිබෙයි.)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දමන විට ‘ගෙදර වියදමට ප්‍රමාණවත් සල්ලියක්’ මා ළඟ නොතිබිණි. හදිසියේ අතමාරුවක් කර ගන්නට ගොඩක් දෙනා හිටියත්- ප්‍රශ්නයක් වුණේ ‘ඒ ගොඩ දෙනා’ ඒ මුදල් ආපසු බාරගන්නට අකැමති පන්නයේ අය වීමයි. අඩුවෙන්ම රණ්ඩු කර- බලහත්කාරයෙන් හෝ ඒ මුදල් බාර දෙන්නට හැකියාව මට තිබෙතැයි සිතුණු අයගෙ ගොඩේ ඉස්සරහින්ම හිටියේ ප්‍රභාත්ය. (ප්‍රභාත් දබර කරන්නට- වාද කරන්නට කැමති කෙනෙක් නොවේ!)

No comments:

Post a Comment