“ආාාාා මෙහෙම කරමුද නිමල්. අපි යන්න හදන්නෙ සෙනසුරාදා, ඉරිදා, සඳුදා තුනේනෙ.
ඔයා සිකුරාදා
ප්‍රභාත්ලා එක්ක යන්න. සෙනසුරාදා දවල්ට වස්ගමුවේ යන ගමන් අපි එහාට ඇවිත් ඔයාව pick කර ගන්නං.”
එහෙම කරන්නට වුණත්, ඒ සඳහා ප්‍රභාත්ගේ කැමැත්ත ලබාගත යුතු විත්තිය මම කීවෙමි.
“ඔයාට තේරෙනවනේ ප්‍රියන්ත. මං එයාලට වචනේ දීල ඉවරයිනෙ. ප්‍රභාත් කැමතියි නං විතරක්...”
“හරි! ඔයාට පුළුවන්ද ප්‍රභාත්ගෙන් අහලා මට කියන්න, හෙට උදේට කලින්. ඔයාටත් එන්න පුළුවන් නං, මං හෙට උදෙන්ම ගිහින් බුකින් එක දානවා...”
“හරි, දහයට කලින් කියන්නං.”
“නෑ නෑ ප්‍රභාත්. එහෙම කරන්න ගියාම දෙගොල්ලටම කරදරේ. මං එයාලත් එක්කම එන්නං... ඔන්න ඊළඟට ඔයාල එහෙ යන දවසට මොන වැඩ තිබ්බත් මං එනවාමයි.”
එහෙම පොරොන්දුවක් ප්‍රභාත්ලාට දීලාය, ආයෙමත් වතාවක් මං වහන්සේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය camping site එකට යන්නට සූදානම් වුණේ.
අවුරුදු දහස් ගණනාවකට කලින් අප හිටියේ කැලේය; ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!! අනේකවිධ හරිත වර්ණයෙන් බබළන රුක් ගොමුවක- වන වදුලක ඡායාරූපයක් වුණත්, මගේ සිත පුබුදුවාලන්නේ පුදුමාකාර විදිහටය...
පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක දෙකටම මැද්දේ තිබෙන වස්ගමුවට කොළඹ සිට යනවා නම් දුර ‘අපේ උත්තරීතර පාරලිමේන්තුවේ නියෝජිතයන් ගණන’ට සමානය. කිලෝමීටර් 225කි.
No comments:
Post a Comment