Monday, September 11, 2023

එදා එලෙස

එදා එලෙස 
රුපියල් විසිපන්දාහක් අපේ ගේට්ටුව ළඟටම ගෙනවුත් දුන් හැටි අවුරුදු තුනකට කලින් ‘කොරෝනා කොරපු ; කොරන හරිය! හයවෙනි කොටස’ට ලියැවුණේ මෙහෙමය.

‘... අන්තිමේදී 

සුවදුක් 

අහන්නට 

කතා කළ මාලිකාත් සල්ලි කොහොමදැයි ඇහුවාය.
ඉල්ලාගන්න වෙනවා බැංකු අරින්නේ නැතිනම්...” මම කීවෙමි.

විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා කළේය.
නිමල් අයියට කීයක්ද ඕනේ?අද මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත් දෙන්නම්.... හරිහරි... ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේපොලිය නැතිව.

මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ නැතිවයසල්ලි ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකාප්‍රභාත් දෙන්නාටම.’

ඒ සල්ලි මාස ගණනාවකට සෑහුණේය; ඒ නොහිතූ ‘වාසනාවන්ත කාලයක්’ මට උදා වුණු බැවිනි.
තනි මට පමණක් නොව, දෙතුන් දෙනෙකුටම වුණත් සෑහෙන තරං හාල්- පොල්- අල- පරිප්පු- මස් මාළු එහෙමත්, එළවළුත් අපේ ගෙදරටම ගෙනවුත් දෙන්නට තරං ‘පරිත්‍යාගශීලී හිතවතුන් රැසක්ම’ මට ඉන්නා බව, ඒ වකවනුවෙදී පසක් විණි.


එහෙම දේවල් අපේ ගෙදරට ගෙනවිත් ගොඩ ගසන අතරේ, ඒ හැමෝම මට කිව්වේ එකම දෙයකි. ‘ගෙදරින් එළියට බහින්න නං එපා! අඩුපාඩු වෙන දෙයක් අපිට කියන්න- අපි පිටස්තරයෝය කියල හිතන්න එපා... ඔයා ළඟම තියෙන කඩේටවත් යන්න එපා. මේ වසංගතේ ඉවර වෙනකල් අපි - අපිටවත් ඔයාලගෙ ගෙදරට එන්න දෙන්න එපා.’ (ඒ හිතවතුන් හැම දෙනාගේම කාරුණිකත්වයට ප්‍රසිද්ධියේ ස්තුති කරන්නටත්, මේ අවස්ථාවය! ඔයාලා හැමෝටම ගොඩක්- ගොඩාරියක් පිං!)

No comments:

Post a Comment