Monday, September 11, 2023

බෑ නිමල්

“බෑ නිමල්. 

එයාලට free තියෙන්නෙ ඔය දවස් තුනේ විතරයි. මම නෙවිල්ටත් කිව්වා. Wild Life එකෙනුත් බැලුවා. මැදපිටිය බුක් වෙලා නෑ. ඔයාත් එනවා නං තමයි...” එහෙම කියන ගමන්ම ප්‍රියන්තටත් අයිඩියාවක් ඇවිදින් වගෙය.

“ආාාාා මෙහෙම කරමුද නිමල්. අපි යන්න හදන්නෙ සෙනසුරාදා, ඉරිදා, සඳුදා තුනේනෙ. 

ඔයා සිකුරාදා 

ප්‍රභාත්ලා එක්ක යන්න. සෙනසුරාදා දවල්ට වස්ගමුවේ යන ගමන් අපි එහාට ඇවිත් ඔයාව pick කර ගන්නං.”

එහෙම කරන්නට වුණත්, ඒ සඳහා ප්‍රභාත්ගේ කැමැත්ත ලබාගත යුතු විත්තිය මම කීවෙමි.

“ඔයාට තේරෙනවනේ ප්‍රියන්ත. මං එයාලට වචනේ දීල ඉවරයිනෙ. ප්‍රභාත් කැමතියි නං විතරක්...”
“හරි! ඔයාට පුළුවන්ද ප්‍රභාත්ගෙන් අහලා මට කියන්න, හෙට උදේට කලින්. ඔයාටත් එන්න පුළුවන් නං, මං හෙට උදෙන්ම ගිහින් බුකින් එක දානවා...”
“හරි, දහයට කලින් කියන්නං.”

මම ප්‍රභාත්ට විස්තරය කිව්වෙමි. ‘ඔහු වාද කරන්නෙක් නොවේ’ යැයි මම කලිනුත් ඔබට කීවෙමි. ඒ හාදයා මටම බෝලය පාස් කළේය.


“ඔයාම තීරණේ කරන්න නිමල් අයියේ. ඔයාලා යන්නෙ නැත්තං ප්‍රියන්ත අයියා trip එක යන්න කැමති නැහැ වගේනෙ පේන්නේ. පස්සේ දවසක හරි අපිට සීගිරියේ යන්න පුළුවනිනෙ... අර ගොල්ල ආපහු ඉතාලි යනවා නං- ඉඩක් තියෙන්නෙත් ඔය දවස්වලම නං ඔයා ඒකට join වෙන්න... අපි පස්සේ දවසක අපේ ගමන යමුකො. හැබැයි, ඔයා කැමතියි නං මේ සැරෙත්, අපිත් එක්ක සිකුරාදා ගිහිං- පහුවදා එයාලට එකතු වෙන්නත් පුළුවන්. ඕනි නං මමම ඔයාව ප්‍රියන්ත අයියලා එන මඟට...”

“නෑ නෑ ප්‍රභාත්. එහෙම කරන්න ගියාම දෙගොල්ලටම කරදරේ. මං එයාලත් එක්කම එන්නං... ඔන්න ඊළඟට ඔයාල එහෙ යන දවසට මොන වැඩ තිබ්බත් මං එනවාමයි.”

එහෙම පොරොන්දුවක් ප්‍රභාත්ලාට දීලාය, ආයෙමත් වතාවක් මං වහන්සේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය camping site එකට යන්නට සූදානම් වුණේ.
අවුරුදු දහස් ගණනාවකට කලින් අප හිටියේ කැලේය; ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!! අනේකවිධ හරිත වර්ණයෙන් බබළන රුක් ගොමුවක- වන වදුලක ඡායාරූපයක් වුණත්, මගේ සිත පුබුදුවාලන්නේ පුදුමාකාර විදිහටය...

පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක දෙකටම මැද්දේ තිබෙන වස්ගමුවට කොළඹ සිට යනවා නම් දුර ‘අපේ උත්තරීතර පාරලිමේන්තුවේ නියෝජිතයන් ගණන’ට සමානය. කිලෝමීටර් 225කි.

මාස ගණනාවකට

මාස ගණනාවකට
 පස්සේ, 
ඒ මුදල් 
ආපහු ගෙනිහින් 
දෙද්දී ප්‍රභාත්- මාලිකා 
දෙන්නත් එක්කම ලොකු 
රණ්ඩුවක් අල්ලන්නටත් 
මට සිද්ද වුණේය!

එයාලාගේ පවුලේ උදවියත් එක්ක මගේ තිබෙන හිතවත්කම එච්චර ලොකු එකකි!!

“අපි සිකුරාදා උදේ යන්නෙ, නිමල් අයියේ. ජුලි 7 සිකුරාදා. අට නවය දෙකත් එහෙ ඉඳලා එන්නේ. සම්පත්  අයියත්  යනවා. නදී, රංග, අපේ පුතා ෂෙහාන් එහෙමත් යයි.” (ෂෙහානුත් IT හපනෙකි. ගෝල්ෆේස්හි ‘ආදරයේ අරගලය’ට මගේ පුංචි දායකත්වය ලබා දෙමින්, පැය 68ක් වතුරෙන් පමණක් යැපෙමින් මා උපවාසය කරන අතරේ නිරතුරුවම fb එකෙන් මගේ තොරතුරු යාවත්කාලීන කරන්නටත් ෂෙහාන් සචිත් කටයුතු කළේය. ආයෙමත් ස්තුතියි ෂෙහාන්!)
“නිමල් අයියා කැමතියි නං පිදුරංගලත් එක්ක යන්නං.”

“ඇයි ළමයෝ, ඔයාලමනේ අපිව ගලපොතුයායේ එක්ක ගියාම, අපි පිදුරංගල නැග්ගේ. ඊට පස්සෙත් අපි හත්-අට සැරයක්ම එහෙ ගියා ප්‍රභාත්ට මතක නැද්ද.” එහෙමත් කියමිනි, ‘යමු!’ කියලා මං වචනය දුන්නේ.

“අපේ වත්ත පහළින් නියම වතුර ඇලකුත් තියෙනවා. නෙවිල් අය්යටත් යමුයි කියන්නකො. කීප සැරයක්ම කියලත් ඒ මනුස්සයාත් ආවෙ නෑනෙ.”
“එයා කොහෙද මහත්තයෝ නිවාඩු ගන්නේ... ගිය සුමානෙත් දවස් තුනක් නිවාඩු ගත්තනෙ.”
“කාලෙකින් අපේ ගමනකට එයා ආවෙත් නැහැනෙ. ඔයත් එහෙමයි.”

ඊට පසුවදාම සම්පතුත් මට ඇමතුවේය. “අඩේ මරු මරු මරු. ඔයත් ප්‍රභාත්ලගෙ trip එකට එනවය කියල එයා කිව්වා. නෙවිලටත් යන්න පුළුවනි නං- සිංදු ටිකක් හෙම කියලා නියම ආතල් එකක් ගත්තැකි නිමල් අයියේ. නාන්නත් ඇලක් තියෙනවා. වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද?”

ඒත් එක්කම සුමිතුරු ප්‍රියන්තගෙනුත් ඇමතුමක්.
“නිමල්, ජුලි 8, 9, 10 වස්ගමුවේ යමුද?”
“ආයෙමත්? අපි 
ගිය සතියෙනෙ එහෙ ගිහිං ආවේ...” මම විමසුවෙමි. “අනේ සොරි ප්‍රියන්ත. ඔය සති අන්තෙම ප්‍රභාත්ලගෙ සීගිරියේ තැනට trip එකක් යන්න එනවයි කියලා මම පොරොන්දු වුණානෙ, ඊයේ.”

“මේකයි වැඩේ නිමල්. මගේ යාළුවෙක් ඉතාලියේ ඉඳලා ඇවිත් ඉන්නවා. අපි එහෙ ගිය වෙලාවේ එයා සුමානයක්ම නිවාඩු දාලා අපිව හැම තැනම එක්කගෙන ගියා. මාර හිත හොඳ පොරක්.
එයාලා මෙහෙ කැලේක camping කරලම නැහැලු. මම හදන්නෙ ටිරාන්ලව මැදපිටියේ එක්ක යන්න.”
“ඉතිං ප්‍රියන්ත, ඊළඟ වීක් එන්ඩ් එකේ යමුකො.”

එදා එලෙස

එදා එලෙස 
රුපියල් විසිපන්දාහක් අපේ ගේට්ටුව ළඟටම ගෙනවුත් දුන් හැටි අවුරුදු තුනකට කලින් ‘කොරෝනා කොරපු ; කොරන හරිය! හයවෙනි කොටස’ට ලියැවුණේ මෙහෙමය.

‘... අන්තිමේදී 

සුවදුක් 

අහන්නට 

කතා කළ මාලිකාත් සල්ලි කොහොමදැයි ඇහුවාය.
ඉල්ලාගන්න වෙනවා බැංකු අරින්නේ නැතිනම්...” මම කීවෙමි.

විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා කළේය.
නිමල් අයියට කීයක්ද ඕනේ?අද මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත් දෙන්නම්.... හරිහරි... ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේපොලිය නැතිව.

මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ නැතිවයසල්ලි ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකාප්‍රභාත් දෙන්නාටම.’

ඒ සල්ලි මාස ගණනාවකට සෑහුණේය; ඒ නොහිතූ ‘වාසනාවන්ත කාලයක්’ මට උදා වුණු බැවිනි.
තනි මට පමණක් නොව, දෙතුන් දෙනෙකුටම වුණත් සෑහෙන තරං හාල්- පොල්- අල- පරිප්පු- මස් මාළු එහෙමත්, එළවළුත් අපේ ගෙදරටම ගෙනවුත් දෙන්නට තරං ‘පරිත්‍යාගශීලී හිතවතුන් රැසක්ම’ මට ඉන්නා බව, ඒ වකවනුවෙදී පසක් විණි.


එහෙම දේවල් අපේ ගෙදරට ගෙනවිත් ගොඩ ගසන අතරේ, ඒ හැමෝම මට කිව්වේ එකම දෙයකි. ‘ගෙදරින් එළියට බහින්න නං එපා! අඩුපාඩු වෙන දෙයක් අපිට කියන්න- අපි පිටස්තරයෝය කියල හිතන්න එපා... ඔයා ළඟම තියෙන කඩේටවත් යන්න එපා. මේ වසංගතේ ඉවර වෙනකල් අපි - අපිටවත් ඔයාලගෙ ගෙදරට එන්න දෙන්න එපා.’ (ඒ හිතවතුන් හැම දෙනාගේම කාරුණිකත්වයට ප්‍රසිද්ධියේ ස්තුති කරන්නටත්, මේ අවස්ථාවය! ඔයාලා හැමෝටම ගොඩක්- ගොඩාරියක් පිං!)

කතා කළා

  කතා කළා 
“අම්මට සිරි! හදලත් ඉවරද?”

“ඒකනෙ කියන්නෙ. 
ඔයාවත් එහෙ එක්කගෙන ගිහින් පෙන්නන්න කතා කළා- කෝ ආවද?” ප්‍රභාත් කියන්නේ නෝක්කාඩු හඬකිනි.

ඇත්තය. සීගිරි අඩවියෙන් පංකාදු ඉඩම් කෑල්ලක් මිලදී ගත්තු විත්තිය ප්‍රභාත් මට කිව්වේය; එහි නිවාඩු නිවස්නයක් තනන්නට යන විත්තියත් කිව්වේය. ඉඩම සුද්ද කරන බව; මුල්ගල් තියන බව; ඉදිකිරීමේ වැඩ සිදු කෙරෙමින් තියෙන බව එහෙමත් වරින්-වර කිව්වේය. “Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... මේ සැරේවත් යමුද?”

“කවද්ද ප්‍රභාත්ල, යන්නෙ?”
චිත්තම්මාගේ වැඩිමහල් සොහොයුරියට දරුවන් දෙදෙනෙකි. මාලිකා හා නදී (ප්‍රසන්න)ය. මාලිකාගේ සැමියා ප්‍රභාත්ය. දෙදරුවන් ෂෙහාන් හා නෙත්මිය. (අපි ඒ හැමෝමත් එක්ක සංචාර ගොඩකටම ගොහිං තියෙන විත්තිය දැනටමත් මගෙන් ලියැවී තිබෙයි.)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දමන විට ‘ගෙදර වියදමට ප්‍රමාණවත් සල්ලියක්’ මා ළඟ නොතිබිණි. හදිසියේ අතමාරුවක් කර ගන්නට ගොඩක් දෙනා හිටියත්- ප්‍රශ්නයක් වුණේ ‘ඒ ගොඩ දෙනා’ ඒ මුදල් ආපසු බාරගන්නට අකැමති පන්නයේ අය වීමයි. අඩුවෙන්ම රණ්ඩු කර- බලහත්කාරයෙන් හෝ ඒ මුදල් බාර දෙන්නට හැකියාව මට තිබෙතැයි සිතුණු අයගෙ ගොඩේ ඉස්සරහින්ම හිටියේ ප්‍රභාත්ය. (ප්‍රභාත් දබර කරන්නට- වාද කරන්නට කැමති කෙනෙක් නොවේ!)

තනිවයි උපන්නේ


 තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ' වුණත් අපි ජීවත් වෙන්නේ 'එගොඩහා යන්නෝ - මෙගොඩහා එන්නෝ' එක්ක. එහෙම ඉන්දදී 'මනරම් සිහිනෙකි මට පේනා' කියලයි හිතුවේ. ඒ හින්දම 'කාලා-බීලා සන්තොසින්නේ' ඉඳලා 'දුක-සැප නිති පෙරළේ' සත්‍යයට මුහුණ පෑවා, 'හිනැහී ජීවය සරු කරගන්න' අදිටනින්! 

ඒ අතරේදී කළ කී දේ, නොකර බැරිවුණු දේ වගේම කරන්නට යන දේවල් අට-එකට හින්දලා, සහෘද කැළක් එක්ක අකුරුවලින් බෙදාගන්න හදන අහිංසක වෑයමක්!


'දුක-සැප නිති පෙරළේ' සත්‍යයට මුහුණ පෑවා, 'හිනැහී ජීවය සරු කරගන්න' අදිටනින්! ඒ අතරේදී කළ කී දේ, නොකර බැරිවුණු දේ වගේම කරන්නට යන දේවල් අට-එකට හින්දලා, සහෘද කැළක් එක්ක අකුරුවලින් බෙදාගන්න හදන අහිංසක වෑයමක්!

Saturday, September 9, 2023

ටිරාන්



ටිරාන්ලාගෙන් තිදෙනෙකුට ලැබුණු ඒ chance එක අපට නං 50%ක්වත් ලැබුණේ නැත. එහෙම කියන්නේ වැඩිහිටි කට්ටියට අදාළව හෙම නොවේ. තරුණ හා බාල පිරිසට අදාළවය. යොවුන් වියේ පසුවෙන දරුවන් කවුරුනුත් මේ සියවසේ අනෙත් දරුවන් වගේමය; ඔවුහු දවසෙන් වැඩි වෙලාවක් තාක්ෂණ මෙවලම්වල සිරකරුවන් වී සිටිති!

එයින් වැඩි දෙනෙක් අන්තරාවර්තීහු වෙති. ඇතුළටම නැඹුරු වුණු ස්වභාව ඇත්තෝ වෙති. එහෙව් උදවිය අලුතින් හිත-මිතුරු සබඳතා ගොඩ නඟාගන්නේ , හිතවත්කම් වගා-දිගා කර ගන්නේ ඉතා සීමිතව... හෙමි-හෙමින් බව මගේ දැනීමයි.

“දඹුල්ලේ බොජුන්හලේ කෑම හොඳයි. Choices ගොඩක් තියෙනවත් එක්ක...” ප්‍රියන්ත කිව්වේ උදේ නවයට විතර, jeep රථය එතැනට හරවමිනි. අන්න එතැනදී වාහනවලින් බිමට බැස්සාමය, එවර වස්ගමුවේ සංචාරයට යන අපි හැමෝටම එකිනෙකාව දැකගන්නට ඉඩ ලැබුණේ. ඒවාත් කෙටි බැලුම්වලට පමණක් සීමා කෙරුණේ, වැඩි දෙනෙකුගේම මුත්‍රාශයන් පිරිලා තිබුණු නිසා බව මගේ මතකයයි.
ඇයි, හිස්වී තිබුණු ආමාශයන්?

බොජුන්හලේ තිබුණු කෑම ජාති කන්දරාව නං ‘බඩගිනිකාරයන්ව’ අන්ද-මන්ද කරවන තරම් විශාලය.

‘මට ආප්ප / මට Egg Hoppers / මම නං රොටි- කට්ට සම්බෝලේ සැරයිද දන්නෑ / පිට්ටුත් තියෙනවා / ඇයි මෙයා Milk  Rice / කට්ලට්ස්... පැටිස්.../ පොඩි පුතාට ඉඳියාප්පද?’ විමසීම් ඉහවහා යන්නට; වැඩි වෙන්නට ගත්තාමය, ප්‍රියන්තටත්- ටිරාන්ටත් පිස්සු හැදුණේ. “ එක-එක්කෙනා ඇවිත් ඔයාලට කැමති දේවල් ඉල්ල ගන්න. Choices are yours!”

එකෙන්ම මගේ තෝරා ගැනීම වුණේ කිරිබත්ය. ඒ එක්කම තිබුණු ලුණුමිරිසේ සිනාවය- මාව ඒ තීරණය ගන්නට පෙළඹුවේ. ඒ plate එකත් අරගෙන, රවුම් කුඩයක් යටට ගිහිං වාඩි වුණාම තවත් කීප දෙනෙක්ම එතැනට...
“මේ කට්ලටුත් රහයි” කට්ලට් බාගයකුත් මගේ පිඟානට. “නිමල් අයියේ, බිත්තර ආප්ප කෑල්ලකුත් කමු. මම තව එකක් ගෙනත් දෙන්නද?” බාගෙ-බාගේ කෑවත්, කෑල්ල-කෑල්ල කෑවත් යන්නෙ එකම බඩට නෙව... ඒ අස්සේ දහනායක, හරිශ් හිතවතුනුත් ‘තව මොනව හරි ගෙනත් දෙන්න’ සූදානමිනි.

“නිමල් අංකල්, Fruit ජූස්ද, දිවුල් කිරිද... මම ගෙනත් දෙන්නං.” සෙරානුත් අහන්නේ මං වහන්සේ ඉස්මුරුත්තා වෙන්නට ඔන්න- මෙන්න විත්තිය නොදැනය; ප්ලේන් ටී එකකට විතරක් බඩේ ඉඩ තියාගෙන ඉන්නා විත්තිය නොදැනය.